8 - 14 ජාතික මඳුරු මර්ධන සතියක්

මැයි 03, 2019

    වැසි සමඟ මදුරුවන් බෝවන ස්ථාන ඉහළ යා හැකියි. එම නිසා මැයි මස 8 වැනි දින සිට 14 වැනි දින දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක්‍රියාත්මකයි.

    මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි.

    නිරිත දිග මෝසම් වර්ෂව ආරම්භවීමත් සමඟ මදුරුවන් බෝවන ස්ථාන බහුලවන බැවින් ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවධානම ද ඉහළ යා හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව මදුරුවන් බෝ වන ස්ථාන සොයා මෙහෙයුමක් දියත් කිරීමට ද නියමිතයි.

    Latest News