පුත්තලම පොලිසිය පිටුපස T56 දෙකක්..... අපරාධයකට සැඟවුයේ ද පරික්ෂණ

මැයි 03, 2019

    පුත්තලම මූලස්ථාන පොලිසිය පිටුපස ඇළක් ආසන්නයේ තිබී ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු ටී - 56 ගිනි අවි දෙකක් පුත්තලම පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    අපද්‍රව්‍ය බැහැර කරන මළුවල බහා ගෙනවිත් දමා තබූ බවත් , ගීස් තවරා මෙම අවි මීට පෙර වෙනත් ස්ථානයක වළ දමා තිබී ඇති බවත් පොලිසිය පවසයි. මේ දිනවල කෙරෙන සෝදිසි කිරීම් හේතුවෙන් මෙම ස්ථානයට ගෙනැවිත් දමා ගොස් ඇති බවත්, අවි ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    කිසියම් අපරාධයක් කිරීමට අරමුණින් ගිණි අවි සගවා තබාගෙන සිටි අයකු විසින් ගිනි අවි දෙක මෙලෙස ගෙනවිත් දමන්නට ඇතුයි පොලිසිය විශ්වාස කරයි. මෙහි ජීව උණ්ඩ සහිත මැගසින් දෙකක්ද පවති. පොලිසිය ලද තොරතුරකට අනුව කළ සෝදිසියකදී මෙම අවි දෙක හමුවී තිබේ. මේ පිළිබදව පුත්තලම පොලීස්ය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

    T56putlampolice1 px 900 19

    Latest News