මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ වත්කම් තහනම් කිරීමේ සැළසුම්.... වත්කම් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

මැයි 03, 2019

    පාස්කු දින මෙරට දී මරාගෙන මැරෙන ප‍්‍රහාර 8 ක් එල්ල කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් තහනම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මෙම ත‍්‍රස්වාදීන් කණ්ඩායම සතුව බැංකු ගිණුම්, කර්මාන්ත ශාලා, නිවාස, ඉඩකඩම් ඇතුළු දේපළ රැසක තොරතුරු දැනට හෙළිව ඇති බව ද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    ඔහු පැවසුවේ මෙම දේපළ තහනම් කිරීමේ පරීක්ෂණ නීතිමය ප‍්‍රතිපාදන දෙකක් මත සිදුකෙරෙන බවයි.

    ත‍්‍රස්තවාදීන්ට මුදල් යැපයීම, මැඩපැවත්වීම් සම්මුතිය පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පරීක්ෂණ සිදුවන බව ද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 08:52

    Latest News