දිවයිනේ ඉදිරි ආරක්ෂාවට සිවිල් ආරක්ෂක භටයින් 20,000 ක්

මැයි 03, 2019

    දිවයිනේ ඉදිරි ආරක්ෂාව සඳහා සිය භටයින් 20,000 ක් පමණ අනුයුක්ත කිරීමට සැළසුම් කර ඇතැයි, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.‍

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාසල්, ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථානවල ආරක්ෂාවට ඔවුන් යොදවන බවයි.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින පුහුණු භටයින් සංඛ්‍යාව 35,000 කි.

    මේ වනවිට ඉන් 4,000 ක් පමණ කොළඹ නගරය ආශ්‍රිතව රාජකාරීවල නිරතව සිටී.

    Latest News