දුෂ්කර වේලාවේ ශ්‍රී ලංකාව සමඟ......ජාත්‍යන්තර පුර්ණ සහ‍ය ඉදිරියටත්

මැයි 02, 2019

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ.

    මිගෙල් ඇන්හෙල් මොරටිනෝස් මහතා ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබා දෙන බවට සහතික විය. මෙම දුෂ්කර අවස්ථාවේ දී සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව සමඟ සිටින බව ද ඔහු අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවට පැමිණ පුද්ගලිකව අග්‍රමත්‍යවරයා හමුවී, ශ්‍රී ලංකා රජය වෙත සිය කණගාටුව පළ කරන ලෙසත්, මේ අවස්ථාවේ සමස්ත එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීමට ඇප කැප සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කළ බව නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියේය.

    Latest News