ආරක්ෂක අමාත්‍යංශයෙන් පඩි ගෙන මරාගෙන මැරි ඇත්ද..... අවිආයුධ පුහුණුවත් දුන්නා...... අධිකරණයේදි කියන්නම්

මැයි 02, 2019

    ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය ත්‍රස්තවාදය පිළිබඳව අධිකරණය ඉදිරියේ ඊට අදාල ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තමන් කළ ප්‍රකාශයට එරෙහිව එන්තරවාසියක් යොමු කරන බව ප්‍රකාශ කර ඇති බව මාධ්‍යයේ පළ වුව ද අධිකරණය ඉදිරියේ ඊට අදාල ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරිමට තමන් සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ නියෝජිතයින් කුරාණය සිංහල භාෂාවට පරිවර්ථනය කිරීමෙන් පසු තමන්ට ද පිරිනැමීම සදහා පැමිණි බවත්, එය බාර ගත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. එම භාෂා පරිවර්තනය ඇමැතිවරුන් රැසකට සහ දේශපාලනඥයින් රැසකට ද ලබාදී ඇත. උදයගම්මන්පිල මහතාගේ ජාතික චින්තනය මැද වෙනත් දේශපාලන පක්ෂ මනුෂ්‍ය ඝාතන සිදු කළ බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මූලධර්මවාදය නිසා ත්‍රස්තවාදය ද බිහි වන බව සිහිපත් කළේය.

    ඒ පිළිබඳ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා..........

    හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා තවුහිත් ජමාත් සංවිධානයේ නියෝජිතයින් 26 කට බුද්ධි අංශ නිලධාරීන් ලෙස හඟවා වැටුප් ගෙවා තිබෙනවා. ඔවුන් 26 දෙනාගෙන් කී දෙනෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පැමිණ ඇත්දැයි අපි සොයා බැලිය යුතුයි. මෙම සංවිධානයේ නායකයා ලෙස සැළකෙන මොහොමඩ් සහරාන්ට ද බුද්ධ අංශ නිලධාරීයෙකු ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ දී වැටුප් ගෙවා තිබෙනවා. ඔහු ද මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඔවුන්ට පුහුණුව, අවිආයුධ පුහුණුව ලබාදුන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ දී. ඒ කෙටි කාලීන දේශපාලන අරමුණු වෙනුවෙන්. ඒ පිළිබදව මම කරුණු ඉදිරිපත් කළේ ලිඛිත සාක්ෂි මතයි. මෙම සංවිධානය ගොඩනැංවීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහයෝගය ලබාදී තිබෙනවා. රජයේ මුදල් වැය කර තිබෙනවා. මෙලෙස මුදල් ලබාගත් මොහොමඩ් සහරාන් නැමැත්තා හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනාට අන්දවා තවුහිත් ජමාත් සංවිධානය ගොඩනගා ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය. මෙලෙස තවුහිත් ජමාත් සංවිධානය ගොඩනැගූ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව මාධ්‍ය පළ කර තිබෙනවා. එවැනි පුද්ගලයෙක් බලයට පත් වුවහොත් තවත් මෙවැනි කණ්ඩායම් බිහි කිරිමට පසුබට නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 16:41

    Latest News