කිංග්ස්බරි බෝම්බකරුගේ යතුරු පැදිය හමුවේ.....විකුණුම්කරු කුලියාපිටියේ අයෙක්

මැයි 02, 2019

    පසුගියදා(21) කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝමබය පුපුරවාගත් මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක්ට අයත් යතුරුපැදියක් කුලියාපිටිය පොලීසිය මගින් සොයා ගැනිණ.

    WPVC 4843 දරණ FZ වර්ගයේ මෙම යතුරු පැදිය මරාගෙන මැරෙන බෝම්බකරු සන්තකව ඔහුගේ නමින්ම ලියාපදිංචි කර තිබිණ. එම යතුරුපැදිය 2017 අගෝස්තු මස 16 වැනිදා රුපියල් එක් ලක්‍ෂ අසූතුන්දහසකට කුලියාපිටිය, ඇඹව ප‍්‍රදේශයේ ගැණුම්කරුවෙකු විසින් මිලදී ගෙන තිබේ.

     මිළදී ගැනීමේදී මරාගෙන මැරෙන බෝමබකරු එය නැවත ලියාපදිංචිය සඳහා ලබාදුන් විවෘත ලිපිලේඛන සමගින් බෝම්බකරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්ද ලබාදී තිබේ. පොලිසිය එම ලිපි ලේඛනද වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනිණ.

    යතුරුපැදි අංක පිළිබඳව වට්ස්අප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වූ රථවාහන අංක දැක ගැණුම්කරු බියට පත්ව කුලියාපිටිය පොලිසියේ පරීක්‍ෂක රොෂාන් වෙදමුල්ල මහතාට කළ දැනුම්දීම මත ගැනුම්කරුගේ යතුරුපැදිය පොලිස් බාරයට ගැනිණ.

    ගැණුම්කරු හා මරාගෙන මැරෙන බෝම්බකරු අතර තිබුණේ කුමන සම්බන්ධයක්දැයි විමර්ශනය කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකයේ නිළධාරීන් විසින් ගැණුම්කරු ඔවුන් බාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    පුපුරුවාහැරි බෝම්බ මාලාවත් සමඟ සැකකරුවන්ගේ වත්කම් හා ඔවුන්ගේ සැක සහිත දේපල පිළිබඳව මාධ්‍ය මගින් කරුණු හෙළිකිරීමත් සමග එවැනි දේපල සමගින් රථවාහන බොහොමයක් පොලිස් බාරයට පත්විය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 14:54

    Latest News