ගල්ඕයේ උක්පිහි තොගයක් උස්සයි...... සොරකමට 02ක් මාට්ටු

මැයි 02, 2019

    ගල්ඔය සීනි සමාගමේ, මුවන්ගල ගබඩාවේ උක් කැපිම සදහා භාවිතා කරණ පිහි 177ක් අද අම්පාර පොලිස්ථානයේ අපරාධ අංශය මගින් සොයා ගෙන තිබේ.

    පසුගිය ඉරුදින (29) එම ගබඩාවේ භාරකරු විසින් සවස 3 පමන වන තෙක් පොහොර බේදා දි ඇති අතර එදින රාත්‍රි කාලයෙදි යම් පිරිසක් විසින් මෙම ගබඩවේ ඉබි යතුරු කඩා මෙම පිහි තොගය රැගෙන ගොස් ඇත.

    පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙහෙයුම් සිදු කර ගබඩාවේ සිට කිලෝ මිටර් හතරක් පමන දුරින් ගල්ඔය ගඟ ආසන්න ස්ථානයක පිහි වල දමා තිබියදි සොයා ගැණිනත. මෙම ගබඩාවේ මිට පෙර සේවය කළ මුරකරු තවත් අයෙකු සමඟ එක්ව සොරකම සිදු කර බව පොලිසිය පවසයි.

    සොරකමට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අංඩගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගයාද අත් අඩංගුවට ගැනිමට පොලිසිය විසින් මෙහෙයුමක් දියත් කර ඇත. පොලිස් නිළ සුනඛ අංශයේ “එළිස්“ සුනඛයා අදාල සැකකරුවන් සිටි ස්ථානයට සහ නිවසට ගොස් ඒ බව තහුරු කර තිබේ.

    Latest News