මල්ලී ISIS යේමන් නායකයෙක්......අයියා හැටන් වලදී අත්අඩංගුවට

මැයි 02, 2019

    අයි.එස්.අයි ත්‍රස්ත සංවිධානයේ සමාජිකත්වය දරන හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික තරුණයෙකුගේ නිවසේ තිබි පිහි නවයක් සහ එම තරුණයාගේ සහෝදරයෙකු හැටන් පොලිසිය මගින් ඉකුත් අත්අඩංගුවට ගෙන තිබේ.

     මොහු යේමනයේ පදිංචි බවත්, අයි.එස්.අයි සංවිධානයේ ප්‍රබල සමාජිකයෙකු බව හැටන් පොලිසිය මගින් තොරතුරු අනාවරණය කර ගැනිමෙන් අනතුරුව ඔහුගේ නිවස දැඩි පරික්ෂාවට ලක් කර ඇත.

    එම නිවසේ ගබඩා කාමරයක තිබි මෙම පිහි තොගය සොයාගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පවසයි.

    යේමනයේ පදිංචි මෙම තරුණයා 2016 වසරේ අවසන් වරට මෙරටට පැමිණ ඇති බවත් අනාවරණය වි තිබේ. සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ සහෝදරයා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.චොක්සි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව රු ලක්ෂ 20 ක ශරිර ඇප මත මුදා හැර සැම ඉරුදිනකම හැටන් පොලිසියේ පෙනි සිට අත්සන් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. මේ අතර හැටන් කුරුස දේවස්ථානයේ ජායාරුප ගැනිමට උත්සහ කල දෙදෙනෙකු ගැන අරක්ෂිත කැමරා වලන් ලබාගත් දර්ශන මගින් හැටන් පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

    එම දේවස්ථානය ආරක්ෂාව පිලිබදව සොයා බැලිම සදහා ඊයේ (01) ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතා පැමිණ ඇති අතර දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පිරිස් පියතුමණ් සාකච්ඡා කළ බව අප වාර්තකරු පවසයි. මේ අතර හැටන් ප්‍රදේශයේ සියළුම ගම්මාන, බස් නැවතුම්පොලවල්, වෙළදසැල් සහ රථ වාහන යුධ හමුදාව සහ පොලිසිය එක්ව තවදුරටත් දැඩි පරික්ෂාවට ලක් කරනු ලබයි.

     

     

    Latest News