පොලිස්පති - ත්‍රිවිධ හමුදාපතිවරු පැය 24කට ජනපති හමුවීමේ තීරණයක්

මැයි 02, 2019

    රටේ වර්තමාන ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පති හා ත්‍රිවිධ හමුදාපතිවරු පැය 24කට වරක් ජනපති හමුවී සාකච්ජා කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනූව දිනපතා රටේ ආරක්ෂක තත්වය හා අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ආරක්ෂක හමුදා හා පොලීසිය දිනපතා සිදුකරන මෙහෙයුම් විමර්ශනය කිරීම ද එහිදී සිදුවේ.

    එම විමර්ශන අනූව ඉදිරි ආරක්ෂක පියවර හා රටේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම එමගින් බලාපොරොත්තු වන බව රාජ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 11:52

    Latest News