ඉරිදා පිපිරීම පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයට තොරතුරු ලබා දීම

මැයි 01, 2019

    පාස්කු ඉරිදා දේවස්ථානයකදී සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවට අදාළ ව උසස් රාජ්‍ය නිලධාරීන් ගණනාවකගේ මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විශේෂ පරීක්ෂණ මණ්ඩලය පවසයි.

    ඒ සම්බන්ධව සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් මෙම විශේෂ පරීක්ෂණ මණ්ඩලය පත්කරන ලදී. ඒ සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ද මෙම පිරිසට ඇතුළත් බව වාර්තාවේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වෙන විශේෂ පරීක්ෂණ මණ්ඩලය සෙසු සාමාජිකයන් වන්නේ විශ්‍රාමික පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් වේ. එම විශේෂ පරීක්ෂණ මණ්ඩලය පසුගිය 22 වැනි දින සිට සිය කටයුතු ආරම්භ කළ අතර තවත් පුද්ගලයන් ගණනාවකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් අදහස් හා තොරතුරු විශේෂ පරීක්ෂණ මණ්ඩලය වෙත දැන්වීමට පසුගිය 25 වැනිදා ප්‍රසිද්ධ පුවත්පත්වල දැන්වීමක්ද ප්‍රසිද්ධ කර තිබිණි. එම දැන්වීම මගින් ජනතාවගෙන් හා ආයතනවලින් තොරතුරු හා අදහස් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.

    ඒ අනුව විශේෂ පරීක්ෂණ මණ්ඩලය වෙත තොරතුරු ලිඛිතව ද දැන්විය හැකිවේ.

    තැපැල් මගින්-

    තැපැල් පෙට්ටි 2306,
    කොළඹ 01.

    ෆැක්ස් -

    011 2100446

    Email -

    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Latest News