ඝාතනය වු මාපලගම විහාරාධිපති හිමිගේ ආදාහනය සෙනසුරාදා

මැයි 01, 2019

    Update;උන් වහන්සේගේ ආදාහන කටයුතු සෙනසුරාදා සවස 2.00 ට ඇතුමලේ විහාරස්ථානයේදී සිදු කිරිමට කටයුතු සූදානම් කර ඇත.

    හිමියන්ගේ ජංගම දුරකතනය සහ ඔරලෝසුවක් ද සොයාගෙන තිබේ. ඊයේ (30) සවස ඝාතනයට ලක් වූ හිමියන් සමග ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් ඔහු මෙම ඝාතනය සිදු කර ඇත. සැකකරු මින් ඉහත දී මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් වසර 12 ක් බන්ධනාගාරගත වී සිටි පැමිණි අයකු බව පොලිසිය පවසයි.

     මාපලගම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට  - (14.30)

    නාගොඩ පොලිස් වසමේ විද්‍යාතිලක පිරිවෙනේ විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකකරු වඳුරඹ බස්නැවතුම්පල අසලදී වඳුරඹ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත ඔහු වයස අවුරුදු 75 ක් වූ ලේල්වල, වඳුරඹ ලිපිනයේ පදිංචි ලේල්වල ගුරුගේ ගුණදාස ලෙස හඳුනාගෙන තිබේ.

    මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කෙරේ - (9:45)

    නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. එම විහාරස්ථානයේම ආවතේව කළ ගිහි පුද්ගලයෙකු ඝාතනයට සැකකරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පූජ්‍ය මාපලගම ගුණසිරි හිමියන් වන අතර මුදල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාම මෙයට හේතුව බව පොලිස් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

    මෙම ඝාතනය ඊයේ (30) රාත්‍රී 8ත් අද අළුයම 5ත් අතර කාලයේ සිදු වී ඇත. මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නාගොඩ පොලීසිය වැඩිදර විමර්ශන සිදු කරයි.

    Last modified on බදාදා, 01 මැයි 2019 19:06

    Latest News