පුත්තලම වැවක් අසළින් ජීව උණ්ඩ තොගයක්

අප්‍රේ 30, 2019

    පුත්තලම - විළුක වැවව අසල පාර්සලයක තිබූ ජීව උණ්ඩ තොගයක් පුත්තලම පොලීසිය මගින් සොයාගෙන තිබේ.

    එම ප්‍රදේශයේ ගම්වාසීන් පොලිසියට ලබා දුන් තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී මෙම පාර්සලයේ  තිබී බොර 12 ගිනි අවියට යොදන ජීව උණ්ඩ 09 ක් හා  බොර 16 ගිනි අවියට භාවිතා කල හැකි ජීව උණ්ඩ 18 ක් හමුවිය.

    කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් මෙම ජීව උණ්ඩ ළග තබා ගෙන සිටි අයකු , එම ප්‍රදේශයේ නිවාස පරීක්ෂා සිදු කරන අවස්ථාවක හමුවේ යැයි බියෙන් මෙලෙස ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසය සැකපළ කරයි.   

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 12:27

    Latest News