අන්තවාදින් නැගෙනහිරින් අතුගා දමනවා.......කිසිදු අවස්ථාවක් දෙන්නේ නැහැ.....මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විඩියෝ)

අප්‍රේ 27, 2019
  • අන්තවාදි කණ්ඩායම් ඉදිරි කෙටි කාලයක් තුළ නැගෙනහිර පලාතෙන් නැති කර දමන බව නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසයි.

    ඒ සඳහා අවශ්‍ය බුද්ධි තොරතුරු සතු වන බවත් ජනතාවගෙන් ඊට විශාල සහයක් ලැබෙන බවත් ඔහු කියා සිටියේ අන්තවාදි ප්‍රහාරය සිදුවු ස්ථානයේ නිරික්ෂණයකට එක් වෙමිනි. ආරක්ෂ හමුදාව ඉත්මත් වෘත්තිය මට්ටමින් ඊයේ දිනයේ ප්‍රහාර දියත් කළ බවත් ඔහු කියා සිටියේය.

    සියලු සිවිල් ජනතාව ආරක්ෂා කරමින් මෙම මෙහෙයුම දියත් කෙරිණ. ප්‍රදේශය මේ වන විට සාමකාමි අතට හැරි අති බවත් අන්තවාදින්ගේ ක්‍රියාවන්ට එරෙහිව ජනතාවගේ ලැබෙන සහය ඔහුගේ ඇගයිමට ලක්විය.  

    නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර “මේ ගම්මානය සුනාමියෙන් විපටත පත්වූවන් පදිංචිකළ ගම්මානයක්..මේ ගම්මානයට ඇතුළුවෙනකොට ඔවුන් අපිට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා ගිනිඅවි වලින්.. ඒ අතර තුරේම ඔවුන්ගේම අන්තවාදී කණ්ඩායමේ පිරිසක් ඔවුන් ළග තිබුණ මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගත්තා. ඒ නිවස ඇතුළු හිටපු ඔවුන්ගේම සිවිල් වැසියොත් එක්කමයි පුපුරවා ගත්තේ...ඒගොල්ලොත් මේකට සම්බන්ධයිද කියන එක ගැන පරීක්ෂණ පවත්වමින් යනව. අපි දැන් සමහරවිට ඔවුන්ගේ සම්බන්ධකම් මේකට තියෙන්නත් පුළුවන්...අපිට වෙඩි තියනකොට ඊයේ රෑ 8.00 විතර ඇති අපේ යුධ හමුදා භට පිරිස් එකතුවෙලා තත්වය පාලනය කරලා යුද හමුදාවට අතර ගත්තා..මම වගකීමෙන් කියනවා අපේ යුධ හමුදා භටපිරිස් හා ආරක්ෂක නිලධාරීන් කිසිවෙක්ට කිසිදු තුවාලයක්වත් හානියක්වත් වුණේ නැහැ.

    දැනට තියන තත්වය අනූව අන්තවාදී කණ්ඩායමේ එක් අයෙක් තුවක්කුවක් සමඟම වෙඩි හුවමාරුවේ දී මැරුණා..තවත් දෙන්නෙක් පිපුරවාගෙන මැරුණා..ඒවගේම ඇතුලත 3ක් විතර ඉන්නවා මරාගෙන මැරෙන බෝම්බවලින් මැරුණ..අම්ම කෙනෙකුයි පොඩි ළමයෙකුයි අපි ළගම තියන රෝහලට ඇරිය..ඒගොල්ලන්ගේම අය වෙන්න ඕන අපි හිතන විදිහට..

    ඊයේ හවස සමන්තුරේ දී අපි විශාල වෙඩි බෙහෙත් ගබඩාවක් හා තවත් ආම්පන්න තොගයක් අපි හොයා ගත්තා..එතනින් පස්සේ අපි කොහොමත් සූදානමින් සිටිය දින 3ක් නැගෙනහිර අම්පාර මඩකලපුව ත්‍රිකුණාමය යන ප්‍රදේශ සෝදිසි කරන්න..ඒවන විට බුද්ධි තොරතුරු මත නින්දවුර් ප්‍රදේශයෙන්  ලැබුණ තොරතුරක් මත ලියාපදිංචි නොකළ වාහනයක් හමුවුණා. එතනින් ලද තොරතුරක් මත තමයි අපි මෙතෙනට ආවේ..ඒ ප්‍රදේශවාසීන් අපි තොරතුරු ලබා දුන්නා ඇත්තටම අපිට මේ ප්‍රදේශවාසීන්ගේ තොරතුරු අපිට ලොකු රුකුළක් වුණා..ඒ තොරතුරු නොදුන්නන්ම මේ මරාගෙන මැරෙන බෝම්බ ටික වෙන තැනකට ගෙනහින් විශාල විනාශයක් කරන්න තිබුණා..දැනට මේ ප්‍රදේශයේ තත්වය සාමාන්‍ය තත්වයට පත්කරලා තියනවා..

    දැනට මේ නිවස තුළ 15ක් මිය ගිහින් තියනවා..ප්‍රහාරවලට අයත් කණ්ඩායමට අයිති 6කුත් ඒ අතර ඉන්නවා..කුඩා දරුවන් 6ක් ඉන්නවා..කාන්තාවන් 3ක් ඉන්නවා.. මරාගෙන මරුන බෝම්බයේ දරුණුකම නිසා හදුනාගැනීම් කරන්න අමාරුයි.. අපි තවම හදුනාගැනීම් කරනවා යැයි ඔහු කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 13:57

    Latest News