ජාතික ආරක්ෂක මණ්ඩලයේදී තීරණ රැසක්....පාසල් සහ විශ්වවිද්‍යාල ආරම්භය මැයි 06 කල්යයි

අප්‍රේ 26, 2019

    පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට ද මෙහිදී තීරණය කර තිබේ. 

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වු ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මෙම තීරණය ගෙන ඇත. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බොහෝ පිරිස් සහ පුපුරණ ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව මෙහිදී අනාවරණය කෙරිණ.

    ත‍්‍රස්තවාදයට නැවත සංවිධානය වීමට කිසිදු ඉඩක් නොතබා මෙම ත‍්‍රස්ත ව්‍යාපාරය රටින් මුලිනුපුටා දැමීමේ ඒකාබද්ධ මෙහෙයුම් අඛණ්ඩව සහ ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

    විභාග පවත්වන ස්ථානවලට පිළිබඳව සාකච්ඡාවට භාජනය වි ඇති අතර, ඒ අනුව එම ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයිමට තිරණය කෙරිණ. පවතින තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් නොපවත්වන ලෙස ද මෙහිදී ජාතික ආරක්ෂක මණ්ඩලය සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

    රාජ්‍ය ආයතන සහ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල්වලට සහ ජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට පුළුල් ආරක්ෂාවක් සැපයිමේ නව ආරක්ෂක වැඩපිළිවෙළකට ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

     

     

     

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 20:50

    Latest News