ෂැංග්‍රී ලා හෝටල බෝම්බයේ ප්‍රහාරකයාගේ යැයි සැක ලොරියක් අත්අඩංගුවට

අප්‍රේ 25, 2019

    අද (25) කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී ෂැංග්‍රී ලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයේ සැකකරුගේ යැයි සැකකරන ලොරියක් සොයා ගැනීමට පොලීසිය සමත් වෙයි.

    වැල්ලම්පිටිය, නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කොටහේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත අංක WP DAE 4197 දරණ සැකකටයුතු ලොරි රථය වත්තල නායක්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොටහේන පොලීසිය සමත්ව ඇත.මෙම ලොරිය ෂැංග්‍රී ලා හෝටලයේ බෝම්බ ප්‍රහාරයේ සැකකරුගේ යැයි බවට තොරතුරු අනාවරණය වී ඇත.

    .

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 19:39

    Latest News