විලියම් කුමරු ශ්‍රී ලංකාවේ බෝම්බවලින් මිය ගිය අය සිහි කරයි

අප්‍රේ 25, 2019

    බ්‍රිතාන්‍ය විලියම් කුමරු පසුගිය දා ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අය සිහි කිරීම, නවසීලන්තයේ විරු සැමරුම් උත්සවයක දී අද (25) සිදු කර තිබේ.

    Anzac Day (Australian and New Zealand Army Corps day) යනුවෙන් හඳුන්වන මෙම යුද විරුවන් සැමරුම් උත්සවසය සංවිධානය කරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලනතයේ යුද විරුවන් සිහිකිරීම වෙනුවෙනි.

    අදට යෙදී තිබූ මෙම යුද විරුවන් සැමරුම් උත්සවයට නවසීලන්ත අගමැතිනී ජයින්ඩා ආරඩර්න් සමග බ්‍රිතාන්‍ය කිරුල හිමි විලියම් කුමරුද එක්ව තිබේ. එහිදී ක්‍රයිස්චර්ච් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය හා පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අය සිහි කිරීම සිදු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 20:41

    Latest News