ඩුබායිවලින් පිටුවහල් කළ අබුබකර් මෙහොමඩ් බදුර්දීන් CCD බාරයට

අප්‍රේ 25, 2019

    ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ අබුබකර් මෙහොමඩ් බදුර්දීන් නමැති සැකකරු වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.

    ඊයේ(24) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපලේදී සැකකරු කොළඹ  අපරාධ කොට්ඨාසය වෙත බාරදුන් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

    මාකදුරේ මදූෂ් සමග ඩුබායි හි අත්අඩංගුවේ සිටි අබුබකර් මොහොමඩ් බදූර්දීන් නමැත්තා එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අළුයම දිවයිනට පැමිණියේය.

    කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ අදාල සැකකරු මාකදුරේ මදූෂ් සහ කංජිපානී ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ දැඩි සබඳතා පවත්වා ඇති බවයි. ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.

    Latest News