පාර්ලිමේන්තු සිතියමක් සමග සැකකරු බලංගොඩ දී අල්ලයි

අප්‍රේ 25, 2019

    පාර්ලිමේන්තුවේ මාර්ග සැලැස්මක් සන්තකයේ තබාගෙන සිටි සැකකටයුතු තරුණයෙක් බලංගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    27 හැවිරිදි සැකකරු කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබී පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නිකුත්කරනු ලබන අවසර පත් 6ක් සොයා ගැනිණ. ටී.56 වර්ගයේ උණ්ඩ 2ක්, ඊයම් බෝලයක්, සිම් කාඩ්පත් කිහිපයක්, ජංගම දුරකථන 3ක්, බැංකු කාඩ්පත් කිහිපයක් ද පිටතට නොපෙනෙන ලෙස ව්‍යාජ තට්ටුවක් සැකසූ ලොරි රථයක් ද පොලීසිය සොයා ගැනිණ.

    පොලිස් නිළ සුනඛ ටෝගා යොදාගනිම්න ප්‍රදේශයේ වැඩිදුර සෝදිසිකිරීම් සිදු කෙරිණ. සැකකරු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 09:18

    Latest News