ශ්‍රී ලන්කන් නව ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන

අප්‍රේ 25, 2019

    ගුවන් මගී සේවා සැපයීම සඳහා කොළඹ, කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයට අමතරව තවත් රටපුරා පිහිටි ප්‍රධාන නගර කිහිපයකම සිය සේවා මධ්‍යස්ථාන දවසේ පැය 24 පුරා විවෘත කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගනී.

    ගුවන් ටිකට් පත් මිලදී ගැනීම, ගුවන් ගතවීමේ දින වෙනස් කර ගැනීමට, ආසන වෙන් කරවා ගැනීමට මෙන්ම ගුවන් යානා පිටත්වන සහ පැමිණීමේ වේලාවන් පිළිබඳව දැන ගැනීමට ද, මෙම සේවා මධ්‍යස්ථාන ඔස්සේහැකි වේ.

    මඩකලපුව, ගම්පහ, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, වව්නියාව සහ වෙන්නප්පුව යන නගරවල මෙම ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

    මේ පිළිබඳව වැඩි විස්තර 1979 දුරකථන අංකයෙන් ලබා ගත හැකියි.

    www.srilankan.com වෙබ් අඩවියට ද පිවිසිය හැකි වේ.

    Latest News