ජලයට විස දැමූ බවට බොරු ප්‍රචාර යැවූ සැකකරුවන් අල්ලයි

අප්‍රේ 23, 2019

    පානීය ජලයට විස මිශ්‍රකළ බවට බොරු ප්‍රචාර පැතිරවූ මාදම්පිටිය පදිංචි සැකකරුවන් දෙදෙනෙක් බ්ලූමැන්ඩල් පොලීසි මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    මෙම සැකකරුවන් දෙදෙනා දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ (I.C.C.P.R.Act) ප්‍රතිපාදන ප්‍රකාරව අද දින කොළඹ අංක 06, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 16:06

    Latest News