නොච්චියාගම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට පුපුරන ද්‍රව්‍ය සමග මාංචු

අප්‍රේ 23, 2019

    නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබී පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්විය.

    ඒ සඳහා නොච්චියාගම පොලීසියේ සහය ද ලැබී තිබේ. දෙමහල් නිවස පිහිටියේ නොච්චියාගම ඉන්ධන පිරවුම්හල අසළයි. අද උදේ, නොච්චියාගම පොලීසියට ලද තොරතුරක් අනූව සිදුකළ මෙහෙයුමක දී පුපුරන ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. පොලීසිය නිවස පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ දී එම නිවසට පැමිණි වෑන් රථයක් හා එහි සිටින කාන්තාවක් සමග සැකකරුවෙකු ද ඒ අතර වන බව වා්රතා වෙයි.

    සැකකරුවන්ගෙන් 5 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර තුන් දෙනෙකු ගැහැණු පුද්ගලයන් වෙයි. පුපුරන ද්‍රව්‍ය තොගය අතර ඇමෝනියා කිලෝග්‍රෑම් විසිපහේ මිටි 23ක්,වෝටර් ජෙල් කරල් 314ක්,සාමාන්‍ය සේවා නූල් රතුපාට මීටර 10 රෝල් 46ක්,සාමාන්‍ය සේවා නූල් තැඹිලි පාට මීටර් 48 රෝල් 18ක් හා කඩුවක් තිබී සොයා ගැනිණ.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 17:10

    Latest News