වාහන නවතා තබන අයට විශේෂ දැනුම්දීමක්

අප්‍රේ 23, 2019

    පොදු ස්ථානයන්හි නවතා යන වාහනවල ඉදිරිපස වීදුරුව මත පැහැදිලිව පෙනෙන සේ නම සහ හිමිකරුගේ ජංගම දුරකථන අංකය ප්‍රදර්ශනය කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විටත් රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතින බවත් ආරක්ෂාකාරි පියවරක් ලෙස සියලූම පොදු ස්ථානයන්හි නවතා ඇති වාහනවල මෙය ප්‍රදර්ශනය කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියි.

    එමඟින් සිදුවන්නට යන අනතුරු මඟ හරවා ගත හැකි බවත්, හිමිකරුවන් නොමැති වාහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ආරක්ෂාකාරී පියවර ගත හැකි බවත් පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 13:32

    Latest News