හෙරොයින් 275kg තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාවෙන්...සැකකරුවන් හඳුනාගනී

අප්‍රේ 23, 2019

    ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු තීරයේදී ඊයේ(22) අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 275 පකිස්තානු මුහුදු සීමාවේදී මෙරට ධීවරයින්ට ලබා දී ඇති බවට රාජ්‍ය බුද්ධි සේවාව පවසයි.

    මෙම හෙරොයින් තොගය ඉන්දියාවට අයත් ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවාහනය කර පකිස්තානු මුහුදු සීමාවේදී ශ්‍රී ලාංකික ධීවර පිරිසට භාරදී ඇත්තේ පසුගිය 19 වැනිදායි. මෙරට ධීවර යාත්‍රාව හලාවත ප්‍රදේශයෙන් ලියාපදිංචි කර ඇත්තේ ශාන්ත අන්තෝනි යන නාමය යටතේ වන අතර එය හලාවතින් පිටත්ව ගොස් ඇත්තේ අප්‍රේල් 04 බව රාජ්‍ය බුද්ධි සේවාව පවසයි. මෙම තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාවට ලැබීමෙන් පසු නාවික හමුදාව එක්ව කළ මෙහෙයුමකින් පසු මෙම හෙරොයින් තොගය ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණ. මෙම හෙරොයින් තොගය සමග ධීවරයින් ලෙස පෙනී සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් කරුණාකරන් චන්ද්‍ර කුමාර් (වව්නියා), පියලාල් අප්පුහාමි (මදුරංකුලිය), චමින්ද අප්පුහාමි (මදුරංකුලිය), තවරාසා සුදාකරන් (යාපනය) සහ අගිල්පිල්ලේ තවරාසා (යාපනය) ලෙස හඳුනාගෙන තිබේ.

    මෙම ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු එංගලන්තයේ පදිංචි කරුවෙකු වන අතර එහි භාරකරු ලෙස තවරාසා සුදාකරන් ක්‍රියාකර ඇත.

    Latest News