ප්‍රහාරයකට ගෙන ආ වාහනයක් ආරක්ෂිතව පුපුරවා හරියි (වීඩියෝ)

අප්‍රේ 22, 2019

    කොළඹ කොච්චිකඩේ දේවස්ථානය ආසන්නයේ තිබූ සැකකටයුතු වාහනයක් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරන ද්‍රව්‍ය ඇතිබවට තහවුරු කර ගැනීමෙන් පසු ආරක්ෂිතව පුපුරවා හරියි.

    විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරක් මත ජම්පඨා වීදියේ තිබූ මෙම වෑන් රථය පරීක්ෂා කිරීම සිදු විය. ඊයේ දින සිදුවූ පිපිරීමට සම්බන්ධ පුද්ගලයන් පැමිණි වාහනයක් ලෙස මෙය සැක කරන බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    ප්‍රදේශය අවට ජනතාව ඉවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂිත පිපිරීම සිදු කළ බව වෙරළබඩ පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

    ඒ අවස්ථාවේ සංවේදී සිදුවීමක් ද සටහන් වී තිබිණ. එම අවස්ථාවේ තිබූ ජීවිත අවධානම නොතකා යම් පුද්ලයෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමට නාවික හමුදා භටයෙක් ක්‍රියා කරන අයුරුද දැක ගැනිමට හැකි විය.

    Last modified on සදුදා, 22 අප්‍රේල් 2019 19:52

    Latest News