පිටකොටුවෙන් ඩෙටර්නේටර්ස් තොගයක් සොයා ගනී

අප්‍රේ 22, 2019

    පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුම්පොළේ තිබි ඩෙටනේටර්ස් 87 ක් අද පස්වරුවේ දී සොයා ගෙන තිබේ.

    ලද තොරතුරක් අනුව පරික්ෂ කිරිමේදි ප්‍රථමයෙන් ඩෙටර්නේටර්ස් 12 හමුවි ඇත. එ අනුව වැඩි දුරටත් කරණ ලද පරික්ෂාවට අනුව ප්‍රදේශයේ කසල ඉවත් කිරිමේ 75 සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    මෙම පරික්ෂා කිරිම් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් සිදුකර ඇති අතර ඩෙටර්නේටර්ස් තොගය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන තිබේ. පිටකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News