සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට තීරණය කෙරේ

අප්‍රේ 20, 2021

    සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට සියලු පක්‍ෂ නියෝජිතයන් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

    පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්විමකදී මෙම එකඟතාවට පැමිණි බවයි කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

    මැයි දිනයේ ක්‍රියාකාරිත්වය තුළින් කෝවිඩ්19 වෛරසය නැවත වරක් ව්‍යාප්ත වීමේ අවදානමකට මුල පිරීමේ හැකියාවක් ඇති බැවින් ඒ පිළිබද සාකච්ඡා කිරීමේ හමුවක් කෝවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

    සියලු පක්‍ෂ නියෝජිතයන් ඊට සහභාගි වුණා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී සියලු මැයි දින රැළි හා රැස්වීම් නොපැවැත්වීමට සියලු පක්‍ෂ නියෝජිතයන් ඒකමතිකව තීරණය කර තිබෙනවා.

    Latest News