දේශය ආපස්සට ගෙන යාමට අන්තවාදීන්ට ඉඩ නොදෙන්න..... එකමුතුව කටයුතු කරමු.......R. සම්බන්ධන්

අප්‍රේ 21, 2019

    අද(21) දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා බලවත් සේ කණගාටු වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්දන් මහතා පවසයි. 

    ඒ මහතා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

    මෙම අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් හඳුනා ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ද නිවේදනය කරයි. මෙම බියගුළු ඛේදවාචකය හේතුවෙන් හිතවතුන්ගේ ජීවිත අහිමි වූ පවුල් සමඟ සහයෝගයෙන් එක්ව නැගී සිටින ලෙස සියලු ශ්‍රී ලාංකීක ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

    අන්තවාදීන්ට මෙම දේශය ආපස්සට ගෙන යාමට නොලැබෙන ලෙස අප ශක්තිමත්ව සහ එකමුතුව සිටිය යුතු බව ද සම්බන්දන් මහතා වැඩිදුරටත් දක්වා තිබේ.

    Latest News