පක්ෂය නැමතිනම් මම සූදානම් (වීඩියෝ)

අප්‍රේ 20, 2019

    ජනතාවගේ සහ පක්‍ෂයේ පූර්ණ එකඟතාව ඇත්නම්, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳව තමා සළකා බලන බව, කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

    අද පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, කතානායකවරයා මේ බව කියා සිටියේය. කරු ජයසුරිය මහතා පළමුවෙන් පැමිණියේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැකීමටයි. ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, කරු ජයසූරිය මහතා උන් වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිතර විය.

    අනතුරුව, කතානායකවරයා මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. කතානායක කරු ජයසුරිය මහතා ඉන් පසු මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් ද බැහැදුටුවේය.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 09:07

    Latest News