ගලබොඩ දිය ඇල්ලේ අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සොයා ගනී (ඡායාරූප)

අප්‍රේ 19, 2019

    ගලබොඩ දිය ඇල්ලේ දිය නාමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර දිය ඇල්ලට පහල ගැඹුරු වලක තිබී සොයා ගෙන තිබේ.

    අද (19) උදැසන 10.30 ට පමණ නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් දිය ඇල්ලට පහල ගැඹුරු වලක තිබි සිරුර සොයා ගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.

    මෙසේ ගොඩගනු ලැබුවේ ගම්පොල බෝවල ප්‍රදේශයේ පදිංචි තුෂාර ප්‍රදිප් නැමති 18 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුරයි.

    මිය ගිය සිසුවාගේ පෙම්වතිය සමග ගලබොඩ දිය ඇල්ල නැරඹිමට පැමිණ දිය ඇල්ලට පහලින් ගැඹුරු වලක් අසලදි සිසුවාගේ පාවහනක් වලකට වැටුනු බවත්, එම පාවහන ගැනිමට ගිය සිසුවා ගැඹුරු වලට වැටි සිසුවා මද දුරක් පිනා යාමෙන් පසු සිසුවා අතුරුදහන් වු බවට මිය ගිය සිසුවාගේ පෙම්වතිය විසින් පොලිසියට පවසා ඇත.

    ප්‍රදේශවාසින් පවසන්නේ දිය ඇල්ලට පහලින් ගැඹුරු වලේ දෙදෙනාම දිය නාමින් සිටියදි එකවරම පාසල් සිසුවා අතුරුදහන් වු බවයි.

    ඊයේ (18) පස්වරුවේ සිටම අද (19) උදැසන දක්වා ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශාවාසින් විසින් අතුරුදහන්වු සිසුවා සොයා මෙහෙයමුක් දියත් කර තිබුණි.

    මියගිය පාසල් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සඳහා නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

    පෙර වාර්තාව

    https://www.runews.lk/news/item/3893-search-for-missing-student-in-galaboda-falls

    gala 02

    gala 01

    gala 03

    Latest News