අළුයම 10කට මරු කැදවූ මහියංගණය රිය අනතුර

අප්‍රේ 17, 2019

    මහියංගණය  - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම 1.30ට පමණ වෑන් රථයක් සහ දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබු බස් රථයක් එකිනෙක ගැටීමෙන් වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේදී වැන් රථයේ පුද්ගලයින් 12 දෙනෙක් ගමන් කර ඇති අතර සිද්ධියෙන් තුවාල ලබා සිටින අනෙක් දෙදෙනාගේ ද තත්ත්වය බරපතළ බව පොලිසිය සඳහන් කරයි.

    මෙම අනතුරෙන් වැඩිහිටි පුද්ගලයින් 7 දෙනෙක් සහ කුඩා ළමුන් තිදෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ. මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරූ මහියංගණය රෝහලේ තැන්පත් කර  තිබේ.

    වෑන් රථයේ රියදුරුට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකපළ කරයි.

     

    අනතුරින් මිය ගිය හා තුවාල ලැබූ පිරිස..

    accident12

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 11:28

    Latest News