පිටුවහල් කළ තවත් 06ක් කටුනායකට;මදූෂ්ගේ ඥාති සහෝදරයෙකුත්

අප්‍රේ 17, 2019

    මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහීදි අත්අඩංගුවට පත්ව පිටුවහල් කෙරුණු තවත් 06 දෙනෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    ප්‍රබල අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මාකඳුරේ මදූෂ් නැමැත්තාගේ ඥාති සහෝදරයෙකුද මෙම පිරිස අතර වන බවයි වාර්තා වන්නේ.

    එම මේ වන විට පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාරයට ගෙන තිබේ. මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන්, මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා, මොහොමඩ් හිබ්‍රි මොහොමඩ් ජබීර්, සුරේෂ් වසන්ත රණසිංහ, රූපදාස සයිමන් හේවගේ, නිලාන් රොමේෂ් සමරසිංහ (මාකඳුරේ මදූෂ් නැමැති අයගේ ඥාති සහෝදරයෙක්) අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර වෙයි.

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 07:41

    Latest News