නව රජයට සෙත් පතා ආශිර්වාද පූජා

නොවැ 04, 2018

    නව රජයට සෙත් පතා ආශිර්වාද පහන් පූජාවක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අලුයම පැවැත්විණ. එය නම්කර තිබුණේ ජන හද සත්‍යයක් ක්‍රියාව ලෙසයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම වෙනුවෙන් අභයාරාමයට රැස්වූ විශාල පිරිසක් පහන් දල්වා ආශිර්වාද එක්කළේය.

    එය සංවිධාන කරනු ලැබුවේ, පූජ්‍ය කිරිඔරුවේ සිරිගුණානන්ද හිමියන් විසින්.

    මේ අතර මවුබිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් නව රජයට, රටට සහ ජනතාවට සෙත්පතා ආශිර්වාද පූජාවක් අනුරාධපුරයේ දී ඊයේ පැවැත්විණ. ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ථූපාරාම විහාරස්ථානය අසළින් ආරම්භ කළ එය නම්කර තිබුණේ, රුවන්වැලි මහ සෑ සියපත් වන්දනාව ලෙසයි.

    එම කප්රුක පූජාව රුවන්වැලි මහසෑය දක්වා පැමිණ එහි දී ආශිර්වාද පූජාවක් පැවැත්විණ ආබාධිත රණවිරුවන් පිරිසක් ද ඊට එක්ව සිටියේය.

    Latest News