ආබාධිත නිල්මිණි චන්ද්‍රිකාට සරණක් වු නිවසක්

අප්‍රේ 11, 2019

    විදේශ රැකියාවක සිටියදී වූ අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත්වු කුලියාපිටිය, කරබරාව, ඉලුක්හේන, එම්.ඒ. නිල්මිණි චන්ද්‍රිකාට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවසක් පිරිනමා තිබේ.

    ඇය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවක නිරතව සිටියදී සිදු වූ අනතුරකින් පූර්ණ ආබාධිත තත්වයට පත්ව

    දිවයිනට පැමිණ තිබේ. එ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අංශය මඟින් ක්‍රියාත්මක කරනු  ලබන සහන නිවාස වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 05ක් වටිනා ආබාධිත අයෙකුට සුදුසු නව නිවසක ඉදිකර තිබේ. රුපියල් ලක්ෂ 4ක රක්ෂණාවරණයක්, ගුවන් ටිකට්පත් ගාස්තු සහ කාර්යාංශයේ මැදිහත්වීමෙන් විදේශ රක්ෂණ අරමුදලින් ලක්ෂ 18ක මුදලක් ලබා දීමට කටයුතු කර ඇත.

    නීත්‍යානුකූලව විදේශ රැකියාවකට ගොස් සිදුවන ආපදාවකදි සහන සඳහා හිමිකම් කියනු ඇති.

    womankuliyapiya1 px 900 19

    womankuliyapiya2 px 900 19

    Latest News