නොවුඩ් සභාපති එකාධිපති පාලනයකට: UNP නායිකාව එළියට

අප්‍රේ 11, 2019

    නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ විශේෂ සභාවට විරෝධය පෑ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායිකා ජනනි ජානකි විජේවර්ධන මහත්මිය අත්තනොමතික අන්දමින් සභාවෙන් ඉවත් කිරිමට එහි සභාපතිවරයා ක්‍රියාකර තිබේ.

    විශේෂ සභා රැස්විමක් අද (11) එහි සභාපති කුලන්දවෙල් රවි මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබිණි.

    නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභා වාර්තාවක් සම්මත කර ගැනිමට ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් මෙම විශේෂ රැස්විම අද දින කැදවා තිබුණි.

    සභා වාර්තාවක් සම්මත කර ගැනිමට වාර්තාව දින හතරකට පෙර මන්ත්‍රීවරුන් වෙත ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායිකා ජනනි ජානකි විජේවර්ධන කියා සිටියේය. විශේෂ රැස්විමට අදාල වාර්තාව ඊයේ (10) ලැබුණු බැවින්, එය කියවා අධ්‍යයනය කිරිමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති නිසාවෙන් මෙම විශේෂ සභා වාරය පැවැත්විම නිතියානුකුල නොවන බව ඇය පෙන්වාදුනී. විරෝධය මැද වාර්තාව සභාගත කරන අවස්තාවේ ජනනි ජානකි විජේවර්ධන මන්ත්‍රීවරියව සභාවෙන් ඉවත් කිරිමට සභාපතිවරයා කටයුතු කර තිබේ. එහිදි සභාව තුල නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇති විය.

    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ගේ සිය විරෝධය මැද සභා ශාලාවෙන් පිටතට පැමිණියේය. නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්ධනය කරමින් සභාව පවත්වාගෙන යන බව ඇය කියා සිටියේය. සභා රැස්විම් ශාලාවෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් නිතිමය පියවර ගන්නා බව ජනනි ජානකි විජේවර්ධන මන්ත්‍රීවරිය සිටි.

    norwoodcouncil1 px 900 19 0

    නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ ලංකා කම්කරු කොන්ග්රුසයේ මන්ත්‍රීවරුන් 11ක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 8 ක් ස්වධින මන්ත්‍රීවරයෙකු , ශ්‍රී ලංකා පෙදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ඇතුළු 21 දෙනෙකුගෙන් සමන්විවේ.

     

     

     

     

     

    Latest News