රත්රන් පැන්නීමට ගිය ශ්‍රි ලන්කන් සේවකයෙකු මාට්ටු

අප්‍රේ 11, 2019

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු කටුනායක ගුවන් තොටුපලින් එළියට ගෙන ඒමට උත්සහ කළ රත්රන් කිලෝ 4ක් සමඟ රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම රත්රන් තොගයේ විටිනාකම රුපියල් මිලියන 32කකී. කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ රේගු මත්ද්‍රව්‍ය නිවාරන ඒකකයේ දොරටුවෙන් මෙම රත්රන් සමඟ පිටවීමට උත්සහ කළ අවස්ථාවේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. රත්රන් බිස්කට් 40ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා කැබලි 10 බැගින් අසුරා තිබු බව රේගුව පවසයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වන සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    goaldcustoms px 900 19 04 1

     

    Latest News