"රට වෙනුවෙන් එකට සිටිමු" මඩකලපුවේ ලක්ෂයකට ප්‍රතිලාභ

අප්‍රේ 10, 2019

    මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන 2වන දිනය(09) අවසන් වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලබා ගැනීමට සමත්ව තිබේ.

    රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන මඩකලපු දිස්ත්‍රික්කයේ 2019 අප්‍රේල් 8 වන දින ආරම්භ වූ අතර එයින් සංවර්ධන හා සේවා අභිමුඛ ව්‍යාපෘති 386 ක් නිමකර 96,738ක ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දී ඇත.මේ සඳහා වැය කරන ලද සමස්ත වියදම රුපියල් මිලියන 15.49ක් වේ. මෙහිදි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 පුරා ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන අතර වැඩිම පිරිවැයක් දරා ඇත්තේ මන්මුනේ උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙනුවෙනි. එම වියදම රුපියල් මිලියන 4.3 ක ට ආසන්න වන අතර දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වන කෝරලෙයි පත්තු දකුණ ප්‍ර දේශය වෙනුවෙන් රුපියල් මිලියන 2.6 කට අධික පිරිවැයක් දරා තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන ලද වැඩසටහන් 76ක්, නැගෙනහිර පළාත් සභාව මගින් මෙහෙයවන වැඩසටහන් හා මධ්‍යම රජයට යටත් 274ක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

    ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ ව්‍යාපෘති 96ක්, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ව්‍යාපෘති 68ක්, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ ව්‍යාපෘති 29ක් හා ග්‍රාමශක්ති වැඩසටහන යටතේ ව්‍යාපෘති 16ක් යනාදී වශයෙන් විවිධ ජාතික වැඩසටහන් රැසක් මේ යටතේ මඩකළපු දිස්ත්‍රික්කයට අදාලව ක්‍රියාත්මක වේ.

    Latest News