''රට වෙනුවෙන් එකට සිටිමු'' සමගාමීව වෙරළ පිරිසිදු කිරීම

අප්‍රේ 10, 2019

    ''රට වෙනුවෙන් එකට සිටිමු'' ජතික වැඩසටහනට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    ඒ සඳහා සිය දායකත්වය සැපයිමට නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික භටයින් ද එක් වී තිබේ.

    මෙම වැඩසටහන මඩකළපුව, කල්ලඩි සහ පාසික්කුඩා වෙරළ තීරයන් ආශ්‍රිතව අප්‍රේල් 08 සුදානම් කර තිබූ අතර, ඒ සඳහා නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගීවි සිටියහ.

    තවද, මෙම වැඩසටහන සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරින් සහ ප්‍රදේශයේ සමෘද්ධිලාභි සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. එමෙන්ම, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින අතර, සතිපතා සියළුම නාවික කඳවුරු ආශ්‍රිත ප්‍රදේශයන්හි වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

    Latest News