ලසන්ත ඝාතනය; ගෝඨාභයට අමෙරිකාවේ නඩුවක් (වීඩියෝ)

අප්‍රේ 08, 2019

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

    ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් අමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ලෙසින් පෙත්සම ගොනු කර ඇතැයි වාර්තා වේ.

    වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් ඔහු අමෙරිකානු පුරවැසියෙකු බවත් එමගින් පෙන්වා දි තිබේ. මේ සම්බන්ධයෙන් වන්දි මුදලක් පිරිනමන ලෙස ඇය ගොනු කර ඇති පෙත්සමෙන් ඉල්ලා තිබේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා මේ දිනවල අමෙරිකාවේ සිටින බවද ආරංචි මාර්ග පවසයි.

    ජනමාධ්‍යවේදියකු මෙන්ම මානව ක්‍රියාදරයෙක් වන ලසන්ත වික්‍රමතුංගව සාහසික අන්දමින් 2009 වසරේ ජනවාරි 08 වැනි දා කොළඹ දි ඝාතනය කළ බවත්, එවකට පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදි මානව හිමිකම් කඩවීම් සිදුව ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන්වේ. එම කාල සිමාවේදී ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ලෙස සිටි අමෙරිකානු පුරවැසිභාවය හිමි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වගකියුතු බවත් එහි සඳහන් වේ.

    gatabhaya01 px 900 19 04 08

     

     

     

     

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 20:32

    Latest News