ඇමති රවි කිව් දේ කරයි: අඩු මිලට 500 MW අලුතින් ජාතික පද්ධතියට (වීඩියෝ)

අප්‍රේ 08, 2019

    ජාතික පද්ධතියට අවම මිලක් යටතේ මෙගවොට් 500 ක විදුලියක් එක් කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක මහතා අවධාරණය කරයි.

    අප්‍රේල් මස 10 න් පසු විදුලි කප්පාදුව කිසිසේත් සිදුනොවන බවත් ඔහු කියා සිටි. අමාත්‍ය රවී කරුනානායක මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද පැවති හමුවේදි මේ බව අවධාරණය කර තිබේ

    අමාත්‍ය රවී කරුනානායක "මට වගකීමෙන් කියන්න පුළුවන් අප්‍රේල් මස 10 න් පස්සේ මෙම විදුලි කප්පාදුව ඇති වෙන්නේ නැහැ කියලා. හදිසි විදුලිය මිලදී ගැනීම් අපි ප්‍රතික්ෂේප කළා. ඉංජිනේරු වෘත්තීය සමිතියෙනුත් අපිට කිව්වා හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍ය නැහැ කියලා. ඇත්තවශයෙන්ම ඒ අවස්ථාවේ අපට හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් අපේ නොරොච්චෝල බාලාගාරයෙයි, බාජ් එකයි කැඩීමෙන් තමයි නැවත එම ප්‍රශ්නය ඇති වුණේ. අපි ඉදිරියට රිසව් මාජින් (සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක් වෙනකල් කිසිම ගැටළුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය මිලදී ගැනීම් කරනවා මෙගවොට් 500ක්. අද ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ අපට එය ගන්න හැකියාව තිබෙනවා. එහි එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැය වෙනවා. නමුත් කැළණිතිස්සෙන් නිපදවන ඒකකයත් රු. 37. 00 ක් පමණ වෙනවා. අපේ මිත්‍යාවක් තිබෙනවා ලංවිමෙන් ගත්තම අඩුයි, පුද්ගලික අංශයෙන් විදුලිය ගත්තම මිල වැඩියි කියලා. එහි සත්‍යතාව තිබෙන්නේ 80% ක් වගේ ප්‍රතිශතයක්. මේ වැඩපිළිවෙල තව ඉදිරියට ගිහින් එල්.එන්.ජී . වලින් ඒකකයක් රු. 21.00ට වගේ මිලදී ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දැනට සිදුවන විදුලි කප්පාදුව තාවකාලිකව අපි නවත්තන්නේ යැයි ඔහු කියා සිටි.

    පසුගිය දිනවල මාධ්‍ය තුළින් අපේ පාවෙන බලාගාර ගැන කතා කරලා තිබුණා. වසර 15 ක් තිස්සේ කොළඹ තිබෙන බාජ් එකකින් අවම මිලක් යටතේ මෙගාවොට් 100 ක් පමණ ලබාගත්තා. මට තේරෙන්නේ නැත්තේ ඇයි දැන් මේ මිල අවම මිලකට මිලදීගෙන විදුලි ගැටළුව විසදන්න යද්දි, යම් පිරිසකට බාජ් එක ගැටළුවක් වුනේ කියලා. මේවා තමයි මාෆියා කියන්නේ. පුළුවන්නම් විදුලි බිල 2021 වන විට අඩු කරන්න උත්සාහ කරනවා. කෙසේනමුත් ගෘහස්ත මට්ටමට කිසිසේත්ම විදුලි බිල වැඩි කරන්නේ නැහැ" යැයි පැවසීය.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 20:11

    Latest News