පන්දමින් ආ පොහොට්ටුවේ මන්ත්‍රීන්

අප්‍රේ 08, 2019

    විදුලි කප්පාදුව විරෝධය පළ කරමින් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(08) පන්දම් දල්වා ගනිමින් පළාත් සභ පරිශ්‍රය වෙත පැමිණිමට උත්සහ කර තිබේ.

    පන්දම සමඟ විරෝධතාකරුවන් දකුණු පළාත් සභ භුමීයට ඇතුළු වීමට උත්සාහ කළ ද පොලීසිය විසින් එය වැලැක් වු බව අප වාර්තාකරු පවසයි. දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් මොවුන් පන්දම් රැගෙන පැමිණ තිබේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පලාත් සභාවට පිවිස පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන මෙම මන්ත්‍රීවරු පිරිස විසින් විරෝධතා පුවරු පමණක් රැගෙන පළාත් සභ භුමීයට ඇතුළු වී ඇත.

    දකුණු පළාත් සභාවේ පාලන කාලය හෙටින් මධ්‍යම රාත්‍රීයෙන් අවසන්වීමට නියමිත බව වාර්තාවේ.

     

    Latest News