ජාතිවාදය වපුරන්නේ එක් පිරිසක්: ඔවුන් දේශපාලනයෙන් අතුගා දමන්න... දුමින්ද

අප්‍රේ 08, 2019

    ගමේ පක්ෂ භේදයක් නැතිව, සිතා වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් යහපාලනයෙන් ඇති වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    යහපාලනය තුළ නරක අත්දැකීම් තිබුණත් ඕනම දේක හොඳ 100% ක් දකින්න බැරි බව ඔහු පවසයි. පක්ෂ දෙකක් එකතු වෙන එකවත්, සන්ධානයක් ගැනවත් නොසිතා ගමේ සමගිය ඇති කරන්න අවශ්‍ය යැයි නොච්චියාගම, තිඹිරිවැව පානීය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී සහභාගි වෙමින් මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසියිය.

    දුමින්ද දිසානායක මහතා වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යයවරයාව සිටියදී ලබා දුන් රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදල් ප්‍රථිපාදනයකින් මෙම ජල ව්‍යාපෘතියේ වැඩ අවසන් කර තිබිණී. මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 250 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව පවති.

    දුමින්ද දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී “ජනතාව මේ රටේ ආණ්ඩු හදන්නේ, පළාත් සභා හදන්නේ , මන්ත්‍රීවරු බිහි කරන්නේ තමන්ට තියෙන ප්‍රශ්න ටික බේරා ගන්න. අපි පාර හොඳට හැදුවාට, ලයිට් ටික දුන්නාට අපි තාමත් දියුණු රටක් නෙමෙයි. අපි දියුණු වෙමින් පවතින රටක් ලෙස ජනතාව අපිව පත් කලේ ජනතාවට තියෙන අඩුවක් පිරි මහගන්න නම්, ඒ අඩුව අපි පිරිමහලා දුන්නාම අපිට සතුටක් තියෙනවා. මොකද ජනතාව අපි වෙනුවෙන් දෙයක් කළා වගේම, පෙරලා අපිත් ජනතාව වෙනුවෙන් දෙයක් කලා නේද කියලා. හැබැයි මේකත් සංසාරය වගේ, අද මම ආවා පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කරන්න, එහා ගමේ අයත් ඇවිත් කියනවා අපිටත් වතුර දෙන්න කියලා. මේක කවදාවත් ඉවර වෙන්නේ නෑ, ඒ ගැන අපි කණගාටු වෙන්නෙත් නෑ, නැති දෙයක් නේ ඉල්ලන්නේ. ගමේ අඩුපාඩු අපි පක්ෂ බේදයක් නැතිව හදා ගමු. දේශපාලනය කරමු අපි ජන්ද කාලයට, දැන් එකතු වෙලා අපි ගම හදමු. දැන් ශ්‍රී ලංකාද, යූ.එන්.පීද, ජේ.වී.පී ද නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ අපි කොහොමද ගම එකතු වුණොත් අපි හැම කෙනෙකුගේම සම්පත් ටික අරගෙන අපි ගම දියුණු කර ගනිමු.

    පහුගිය කාළයේ අවුරුදු 03 1/2 ක් යහපාලන ආණ්ඩුවක් තිබුණ නිසා දැන් අපේ තිබුණු පරණ තරහා නැති වෙලා තියෙනවා, වෙනදා නම් ශ්‍රී ලංකාකාරයෙක් යූ.එන්.පී කාරයෙක් දිහා බලන්නේ නෑ, ශ්‍රී ලංකා කෙනෙක් යූ.එන්.පී මළ ගෙදරක යන්නේ නෑ.යූ.එන්.පී කෙනෙක් ශ්‍රී ලංකා මළ ගෙදරක යන්නේ නෑ,, සමහර වෙලාවට එකම පවුලේ ඥාතිකම් නැති කර ගෙන තියෙනවා දේශපාලනය නිසා, හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට පිං සිද්ධ වෙන්න අපිට යහපාලන ආණ්ඩුව තුළ මොන මොන අඩුපාඩුකම් තිබුණත් මම දකින එකම දේ තමයි ගම සමගි වුණා. මේ යහපාලනයෙන් ඇති වෙච්ච හොඳම දේ තමයි අද අපිට ගමේ පක්ෂ භේදයක් නැතිව, හිතන්න, වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් උදා වෙලා තියෙනවා. දේශපාලන නායකයෝ හැමදාම අපිට දුන්නේ කුහකකමට, තමන්ගේ ගොඩ වැඩි කර ගන්න හැමදාමත් වෛරය, ක්‍රෝදය තමයි පැතිරුවේ,මේ රටේ තියෙන ජාතිවාදය හදන්න මුල් වෙලා තියෙන්නෙත් දේශපාලන පක්ෂ. සමහර ජාතීන්ගේ අඩුපාඩුත් තියෙනවා. සිංහල අපේ, දෙමළ අයගේ, මුස්ලිම් අයගේ අඩුපාඩු තියෙනවා හැබැයි, මේ ජාතිවාදය දැන් වැඩියෙන් කථා කරන්නේ දේශපාලඥයෝ. දැන් තියෙන සිිංහල -මුස්ලිම් ආරවුල වුණත් ගත්තොත් කොච්චර මුස්ලිම් මිනිස්සු ඉන්නවාද අපිත් එක්ක ලගින්ම ආශ්‍රය කරන අය, කවදාවත් අපේ ගෙදරකින් ඇවිත් කෑම කන කොට හළාල්ද කියලා ඇහුවද, අපි ගිහින් ඒ අය එක්ක කද්දී හලාල්ද කියලා ඇහුවෙත් නෑ. එහෙම දෙයක් අපේ තිබුණේ නෑ. මේ සේරම ඇවිත් තියෙන්නේ අර කිව්ව දේශපාලනය නිසා. මේ හැම දේම අපිට වෙනස් කරන්න බැරි වෙයි. හැබැයි අපි ගමෙන් සමගි වෙන්න පටන් ගමු. ගම දියුණු කරන්න හැමෝගෙන්ම උදව් ගන්න, ගම හදාගන්න අපි හැමෝම එකතු වෙලා, අපේ දායකත්වයත් දීලා, අනෙක් අයගේ දායකත්වයත් ගමු. වෙලා ගම හදමු, අපිට එතකොට ආයේ ගහමාරා ගන්න ඕන නෑ, ප්‍රථිපත්තියත් එක්ක දේශපාලනය කරන්න පුළුවන්. හොඳ මිනිස්සු එක්ක දේශපාලනය කරන්න පුලුවන්.

    දේශපාලනයේ ඉන්න ඕන නැති කට්ටිය දේශපාලනයේ ඉදීම තුළ අද දේශපාලඥයාටත් තියෙන වටිනාකම නැති වෙලා තියෙනවා. ලබන පාර මොන ජන්දය තිබ්බත් ඒ යවන තැනට ගැලපෙන මනුස්සයෙක් යවන්න ඕනා. ප්‍රාදේශීය සභාවට යවන්න ඕන මනුස්සයා පාර්ලිමේන්තුවට යැව්වම ලොකු අවුලක්. ඒ නිසා මේ ඉල්ලීම දේශපාලඥයෙක් විදිහට කරනවා, මොකද සමහර දේශපාලඥයන්ගේ හැසිරීම නිසා අද ජනතාවට, තරුණයින්ට දේශපාලනය එපා වෙලා. සමහර දේශපාලඥයෝ නිසා රටට දේශපාලනය එපා වුණොත් ලොකු අවුලක් ඒ නිසා ඒය නිවැරදි කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා යැයි“ ඔහු කියා සිටියේය.

    Latest News