වැල්ලවායට අලුතින් දියවර (වීඩියෝ)

අප්‍රේ 07, 2019

    හඳපානාගල වම් ඉවුර සංවර්ධනයෙන් වැල්ලවාය ප්‍රදේශයේ ඉඩම් අක්කර 4,000කට අලුතින් දියවර සැපයීම, උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ අරමුණයි.

    ඒ යටතේ ඉදි කෙරෙන වම් ඉවුර ප්‍රධාන ඇළ මාර්ගයේ දිග කිලෝ මීටර 10.7ක්. හඳපානාගල ජලාශයේ වැව් බැම්ම අඩි 12කින් උස් කිරීමෙන් ධාරිතාව අක්කර අඩි 5,000 සිට 15,000 දක්වා වැඩි කෙරේ. මීටර 900ක් වූ වැව් බැම්ම මීටර් 1350ක් දිගු කිරීම ද ව්‍යාපෘතියට ඇතුළත්.

    වම් ඉවුර සංවර්ධනය තුළින් කන්න තුනක් අස්වැද්දිය හැකි අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් 90%ක් අවසන් වී ඇත. වී වගාවට අමතරව, අතුරු බෝග වගාව සඳහා ද ගොවීන්ට පහසුකම් සැපයේ. ගොවීන් දැනටමත් පැපොල්, දොඩම්, අන්නාසි, රබර් භෝග සඳහා යොමු වී තිබේ. හඳපානාගල දකුණු ඇළ සංවර්ධනයෙන් කන්න තුනක් වගා කිරීම අරමුණයි.

     

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 20:25

    Latest News