අඩු ආදායම්ලාභී පවුල් 600කට නව නිවාස (වීඩියෝ)

අප්‍රේ 07, 2019

    කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 600කට අද (07) නව නිවාස පිරිනැමිණ.

    ඒ, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණේ දෙමටගොඩ “මිහිඳු සෙන්පුර“ නිවාස ව්‍යාපෘතිය අබියසදී. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලදී නිවාස අහිමිවූවන්ට මෙම නිවාස පිරිනැමිණ.

    එහිදී අදහස් පළ කළ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා.....

    “මේ වසර අවසන් වනවිට අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරයේ නිවාස 15,000 ක් ලබාදෙන්න. ඒ වගේම ආසියානු යටිතල පහසුකම් බැංකුවත් එක්ක අපි මේ මාසේ ගිවිසුමක් අත්සන් කරනවා තවත් නිවාස 5500කට. අපි හිතනවා 2023 වෙනකොට මේ කොළඹ නිවාස 40,000ක් පමණ ඉදිවෙලා, පැල්පත්වලින් තොර කොළඹ නගරයක් ඉදිවෙයි කියලා.

    කිසිම දේශපාලන අවශ්‍යතාවක් මත අපි නිවාස බෙදන්නේ නැහැ. ඕන දේශපාලන පක්‍ෂයක ඉන්න, නිවාස නැති පැල්පත්වාසී ජනතාවට තමයි බෙදන්නේ“. යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 20:01

    Latest News