දකුණු ලකට අලුත් මඟක් හෙට (08) සිට (වීඩියෝ)

අප්‍රේ 07, 2019

    මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කිරීම හෙට සිදු කෙරේ.

    ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. “දකුණු ලකට-අලුත් මඟක්“ යන තේමාවෙන් සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ, බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී. මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ හෙට (08) උදේ 9.00ට මංගල දුම්රිය ධාවනය ආරම්භ කෙරේ.

    ඒ මාතරින්, එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළඟාවීමෙන් අනතුරුවයි. මීට සමගාමීම පිලදූව සහ වෙහෙරහේන උප දුම්රිය ස්ථාන, කැකනදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලිඅත්ත දුම්රිය ස්ථාන ද අලුතින් විවෘත කෙරේ. කිලෝ මීටර 26.75ක දුරින් යුත්, මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රිය 7ක් ගමන් ආරම්භ කෙරේ.

    එක් දුම්රියක් ගාල්ල දක්වාද, දුම්රිය 4ක් මරදාන දක්වා ද ධාවනය කරවීමට නියමිතයි. සෙසු දුම්රිය දෙක ධාවනය කෙරෙන්නේ යාපනය සහ වවුනියාව දක්වා පමණි.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 19:59

    Latest News