එහිදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. දිගින් මීටර් 48.9 ක් වන ‘කෝරා දිව්’ නෞකාව ටොන් 293 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 61 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇති අතර, සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (08) නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.