"සිරිසර අවුරුදු-වන අරණක අවුරුදු උදාව" - ජනපති ප‍්‍රධානත්වයෙන් (වීඩියෝ)

අප්‍රේ 06, 2019

    ජනතාව අතර සංහඳියා සංකල්පය ප්‍රචලිත කිරීමේ අරමුණින් “සිරිසර අවුරුදු-වන අරණක අවුරුදු උදාව" හෙළ අවුරුදු මංගල්‍ය අද (06) දිනය පුරා කොලොන්ගොල්ල වැව්තාවුල්ලේ දී ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    උතුර-දකුණ යා කරන ජාතීන් අතර සංහිඳියා යාන්ත‍්‍රණයට ජීවය දෙමින් ක්‍රියාත්මක වන "එකටසිටිමු" වැඩසටහන යටතේ ජනතාව අතර සංහිඳියා සංකල්පය ප‍්‍රචලිත කිරීමත් එහි අර්ථය තවදුරටත් ජනතාවට අවබෝධ කරවීමත් අමුණු කොට ගනිමින් මෙය සංවිධානය කෙරේ.

    මෙම හෙළ අවුරුදු මංගල්‍යය විවිධ ජන ක‍්‍රීඩා, අවුරුදු චාරිත‍්‍ර හා විවිධ සංස්කෘතිකාංග රැසකින් සමන්විතව අති උත්කර්ෂවත් අවුරුදු උලෙළක් ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සංවිධානත්වයෙන් පැවැත් වේ. 

    එහි මැරතන් ධාවන තරගයේ ජයග‍්‍රාහකයන් වෙත තිළිණ පිළිගැන්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ආදිවාසි නායක වන්නිල ඇත්තන් සහ යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 06 අප්‍රේල් 2019 18:59

    Latest News