විපක්ෂ නායක උතුරේ ඡන්ද සොයා සිසු මෙහෙයුමක

අප්‍රේ 04, 2019

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ වන්නි දිස්ත්‍රික් උපාධිධාරී සංගමයේ සාමාජිකයින් අතර හමුවක් අද (04) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණ.

    උතුරු නැගෙනහිර පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදීමක් නොමැති බව එම සංගමයේ සභාපති පැවසු බව විපක්ෂ නායක මාධ්‍ය ලේකම් පවසයි. එහි දේශපාලන පක්ෂ ඡන්ද ලබාගැනීම සඳහා පමණක් ජනතාව නොමඟ යවන බවත්, ඡන්දයෙන් පසු නොසලකා හරින බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා " අපි උතුරු නැගෙනහිර ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගෙන තිබෙනවා. සංවර්ධන කටයුතු කඩිනමින් ඉටුකර දෙනවා"යැයි ඔහු කියා සිටියේය.
    මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන බන්දුල ගුණවර්ධන, සුසන්ත පුංචිනිලමේ, අනුර ප්‍රියදර්ශන යාපා, එස්. වියලේන්ද්‍රන් යන මහත්වරුන්ද සහභාගී වූහ.

    Latest News