ලිස්සන පොල්තෙල් මිල නියාමන අයිතිය කාටද?

ජූනි 18, 2024
    වෙළෙඳපොලේ පොල් තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව, පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

    ආනයනික පොල් තෙල් සඳහා කිසිඳු බදු වැඩි කිරීමක් කර නොමැති අවස්ථාවක මිල ඉහළ නැංවීම සාධාරණ නොවන බවයි, එම අධිකාරිය අවධාරණය කරන්නේ.

    දේශීය පොල් තෙල් සහ ආනයනික පොල් තෙල් සඳහා කිසිඳු අමතර බදු අයකිරීමක් රජය සිදු කර නැහැ. ඒ සඳහා පවතින රුපියල් 150 ක බදු මුදල මෙතෙක් වෙනස් කර නොමැති බවයි, එම අධිකාරිය පවසන්නේ.
     
    දැනට රට තුළ අවශ්ය ප්රමාණයෙන් දෙගුණයකටත් වඩා පොල් තෙල් ආනයනය කර, ගබඩා කර තැබීමට ආනයනකරුවන් පියවර ගෙන තිබෙනවා.
     
    මේ වසරේ මැයි මාසය වන විට ආනයනය කර ඇති පොල් තෙල් ප්රමාණය මෙට්රික්ටොන් 42,000 ක්.
     
    වෙළෙඳපොළේ මිල ඉහළ නැංවීම පොල් තෙල් ආනයනකරුවන්ගේ මාෆියාවක් බවයි, පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.
     
    කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව පොල් තෙල් මිල ඉහළ නැංවීම නියාමනය සඳහා මෙන්ම දේශීය පොල් තෙල් නිෂ්පාදන කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා වැඩි බලතල පොල් සංවර්ධන අධිකාරියට පවරා තිබෙනවා.
    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2024 10:50

    Latest News