රුපියල් 25000/= රථ වාහන වැරදි අවම දඩය නැවතත්

අප්‍රේ 02, 2019

    රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ.

    ඒ අනුව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තිරණය කර ඇත. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන පණත සංශෝධනය කිරීම සිදුවේ.

    මාර්ග නීති උල්ලංඝණය සහ රියදුරාගේ නොසැලකිලිමත් බව රිය අනතුරුවලට වැඩිවිමට බලපා ඇත. මාර්ග අනතුරුවලට බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරදට අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරිමේ යෝජනාව 2017 අයවැයෙන් ඉදිරිපත් කෙරිණ. ඊට 2016. 11.21 වැනිදා මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, බස්රථ සහ ත්‍රීරෝද සංගම් නියෝජිතයින් එක්ව පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා ප්‍රබලව බලපාන වැරදි හතක් හඳුනා ගැනිණ. එම වැරදි හතට පනවන දඩ මුදල විසිපන්දහස දක්වා වැඩි කිරීමටද තීරණය විය. දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.

    දඩ මුදල් විමසා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ පුළුල් විමර්ශනයකින් පසුව මාර්ග අනතුරු සඳහා බලපාන වැරදි හතක් ප්‍රධාන වශයෙන් හඳුනා ගෙන තිබේ. එම වැරදි සඳහා අයකරන දඩ මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමටද කමිටුව නිර්දේශ කර ඇත. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෝටර් වාහන පණතේ වගන්ති සහ ප්‍රධාන ප්‍රඥ්පතියේ දෙවැනි උප ලේඛනය සංශෝධනයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය. එ අනුව රථ වාහන වැරදි සඳහා පනවන අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීමේ කැසට් පත්‍රය ඊයේ නිකුත් කල බව අමාතයංශය පවසයි. එහිදී අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි වන වැරදි වන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ. වමෙන් ඉස්සරහ කිරීමේ දඩයද වැඩි කර ඇත.

    Latest News